Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Apr. 15, 2020
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Apr. 15, 2020
2Season 2 Jul. 30, 2021
10
3Season 3 Feb. 23, 2023
4Season 4 Oct. 10, 2024

Creator

Josh Pate
Creator

Cast

Chase Stokes isJohn B. Routledge
John B. Routledge
Madelyn Cline isSarah Cameron
Sarah Cameron
Madison Bailey isKiara Carrera
Kiara Carrera
Jonathan Daviss isPope Heyward
Pope Heyward
Rudy Pankow isJJ Maybank
JJ Maybank
Drew Starkey isRafe Cameron
Rafe Cameron
J Anthony Crane isChandler Groff
Chandler Groff
Rigo Sanchez isLightner
Lightner

Video trailer

Synopsis

Outer Banks 2020 TV Series Sinhala Subtitles
Outer Banks Sinhala Sub
Outer Banks Sinhala Subtitles
Outer Banks 2020 Sinhala Sub
Outer Banks 2020 Sinhala Subtitles
Outer Banks (2020) Sinhala Subtitle

ජෝන් බී, ජේජේ, කියාරා සහ පෝප් කියන ළමයි අයිති වෙන්නේ දූපතේ පෝග් (Pogue) කියන පිරිසට.. ඒ කියන්නේ දූපතේ “කට් එක” කියලා හඳුන්වන ප්‍රදේශයේ ජීවත් වෙන අය. එතකොට ටොපර්, කෙල්ස්, සාරා සහ රේෆ් කියන්නේ සුඛෝපබෝගී ජීවිත ගතකරන කුක් (Kooks) කියන පිරිසට අයත් අය.. පෝග්ලගෙන් කියාරා කියන්නේ යම්තාක් දුරට හොඳට සල්ලි බාගේ තියෙන කෙල්ලක් වගේම එයා ඉස්සර කුක් සමාජයට අයිති වුණ කෙනෙක්.. ජේජේ කියන්නේ තමන්ගේ තාත්තගේ වද හිංසා වලට ගොදුරු වුණ මත්ද්‍රව්‍ය පැත්තට බර සරල ජීවිතයක් ගතකරන කෙනෙක්. පෝප් කියන්නේ හොඳ දැනුමක් තියෙන මොළකාරයෙක්. කුක්ලා ගැන බැලුවොත්.. සාරා, රේෆ් සහ වීසී කියන්නේ වෝඩ් කැමරන් එහෙමත් නැත්තම් මිස්ටර් සී ගේ ළමයි තුන්දෙනා.. ටොපර් කියන්නේ කතාව පටන් ගන්නකොට සාරා ගේ පෙම්වතා.

ජෝන් බී රොලේජ් කියන්නේ ඉන්න තැනක් නැති, තමන්ගේ අතුරුදහන් වෙච්ච තාත්තා වෙනුවෙන් දුක් වෙන තරුණ ළමයෙක්. මෙයාගේ තාත්තා තමයි “ලොකු ජෝන් රොලේජ්” කියලා හඳුන්වන්නේ.. කතාව පටන් ගන්නකොට පෙන්නන්නේ ‘අගතා’ කියලා ලොකු සුළි කුණාටුවක් ඇතිවෙලා ඒ ඔස්සේ වෙලා තියෙන විනාශය. මේ වගේ තත්වෙක මේ පෝග්ලා වගුරු බිම හරහා බෝට්ටුවකින් යන අතරමග දකිනවා වතුර යට ගිලිලා තියෙන තව බෝට්ටුවක්.. මෙයාලා ඒකට ගිහින් එතනින් හොයාගන්නවා බෑග් එකක්.. ඒක ඇරලා බලනකොට ඇතුළේ තියෙන්නේ මාළිමාවක්. මේ මාළිමාව අයත් වෙන්නේ ලොකු ජෝන් කියන ජෝන් බී ගේ තාත්තට. පරම්පරා ගාණක් තිස්සේ උරුම වෙන මේ මාළිමාව අන්තිමට ජෝන් බී ටත් උරුම වුණා. ඒත් අතීතේ දිහා බලනකොට මේ මාළිමාව අයිති වුණ හැම කෙනෙක්ම අකාලේ මියගිහින් තියෙනවා.

කතාවේ ප්ලොට් එක තමා සරලවම මේ පෝග්ලා නිධන් දඩයමක යෙදෙනවා.. රත්තරන් ඩොලර් මිලියන 400 ක වටිනාකමකින් යුතු නිධානයක්.. රෝයල් මර්චන්ට් කියන පෞරාණික නෞකාවේ තමයි මුලින් මේ නිධානේ තිබිලා තියෙන්නේ. ඉතින් එයාලා මේක හොයාගන්න ලොකු මහන්සියක් ගන්නවා.. නිධානේ ඇත්තටම තියෙන්නේ මහමුහුදෙද නැත්තම් වෙන තැනකද කියලා මෙයාලට හොයාගන්න වෙනවා. මේ වෙනුවෙන් මෙයාලා නොසෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙනවා.. ඉතින් කතාව ගලාගෙන යන විදිහට ඔයාට ඒ ඔක්කොම තේරුම් යයි. මීට වැඩිය කියන්න ගිහින් බොරුවට ස්පොයිල් කරගන්න ඕන නෑනේ.

කාස්ට් එක ගැන බලනකොට, ජෝන් බී චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Chase Stokes, පෝප් චරිතයට Jonathan Daviss, සාරා චරිතයට Madelyn Cline, ජේජේ චරිතයට Rudy Pankow, කියාරා චරිතයට Madison Bailey, ටොපර් චරිතයට Austin North සහ වෝඩ් කැමරන් චරිතයට Charles Esten වගේම තවත් දක්ෂ නළු නිළියන් පිරිසක් මේ වෙනුවෙන් රංගනය ඉදිරිපත් කරනවා.

මේ ටීවි සීරිස් එක රූපගත කරලා තියෙන්නේ දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා සහ බාබඩෝස් වල.. වෙනස්ම වයිබ් එකක් වගේම ලස්සන දර්ශන සහ මියුසික් එක්ක වෙනම ලෝකෙකට අරගෙන යන්න පුළුවන් නිර්මාණයක් මේක.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Outer Banks
TMDb Rating 8.386 991 votes
First air date Apr. 15, 2020
Last air date Nov. 07, 2024
Seasons 5
Episodes 40
Average Duration 49 minutes

Similar titles

Pyramid Game (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Lovely Liar (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Knuckles (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
King the Land (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Daredevil: Born Again (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Irai (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Secret Of The Shiledars (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Welcome to Samdal-ri (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Queen of Tears (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Wheel of Time (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bujji & Bhairava (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published