![Gam Gam Ganesha (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/mjMJPzneGJzsBqh5XdWHVKififI-185x278.jpg)
Yudhra Sinhala Sub
Yudhra Sinhala Subtitles
Yudhra 2024 Sinhala Sub
Yudhra 2024 Sinhala Subtitles
Yudhra (2024) Sinhala Subtitle
සුභ දවසක් හැමෝටම ,
ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අළුත්ම සිංහල උපසිරැසියක් අරගෙන මම සිනෙරූ නිවහනට ගොඩ වැදුනා, හිතුවට වඩා පොඩ්ඩක් පරක්කු උනා, කැම්පස් එකේ එසයිමන්ට් කරන අස්සෙම සබ් එකත් කොටලා ඉවර කරලා ඔයාලට බලන්න අරගෙන ආවා.
රවී උද්‍යවර්ගේ සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ යුද්‍රා චිත්‍රපටය 2021 වසරේ නිවේදනය කරා වගේම පෙරදී මේක 2022 අවුරුද්දේ තමයි තිරගත කරන්න සැලසුම් කරලා තිබුනේ.. ඉතින් ඒ කාලේ තිබුනු කොවිඩ් රැල්ලත් එක්ක මේ චිත්‍රපටයත් එහෙම්ම අවුරුදු ගණනක් පස්සට ගිහින් 2024 අවුරුද්දේ පසුගිය සැප්තැම්බර් 20 වෙනිදා තිරගතකිරීම් අරඹනු ලැබුවා.
පැය 2යි මිනිත්තු 20 ක ධාවන කාලයක් හිමි මේ යුද්‍රා ෆිල්ම් එක සදහා පිරිවැර සදහා ඉන්දියන් රු.කෝටි 50ක් ගිහින් තියෙනවා වගේම මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රු.කෝටි 11 කට ආසන්නයි. ඇක්ෂන් – ත්‍රිලර් ශානරය යටතේ දිවෙන මේ යුද්‍රාගේ කතාවට හොද සහ නරක ප්‍රතිචාර සම සමව ලැබිලා තියෙනවා. ඒවගේම තියෙටර් නොබැලුවත් මේක OTT හරහා බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා මට කියන්න පුළුවන්
Gehraiyaan (2022) , Kho Gaye Hum Kahanchi (2023) චිත්‍රපට වලට පස්සේ සිද්දන්ත් චතුර්වේදි කියන නළුවාගේ වෙනස්ම හැරවුමක් අපිට බලාගන්න පුළුවන් වෙනවා.. ඒවගේම ඉස්සරහට එන්න තියෙන Dhadak 2 චිත්‍රපටයටත් මොහුව තෝරාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් මාලවිකා මෝහනන් කියන්නේ මල්ටි ටැලන්ට් නිලියක් කිව්වොත් මං නිවැරදියි.. මලයාලම් ද.. දමිළ ද… හින්දි ද.. කියලා නෑ.. 2024 තිරගත උනු තංගලාන් දමිළ චිත්‍රපටයෙන් පස්සේ ආයෙමත් දෙවෙනි වතාවට මාලවිකා මෝහනන් මේ ෆිල්ම් එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා, මේ මාලවිකාගේ තුන්වෙනි හින්දි චිත්‍රපටය. ඒවගේම මෑතකාලිනව කරලියට ආපු Kill (2024) ෆිල්ම් එකේ විලන් උනු රාගව් මේ ෆිල්ම් එකෙනුත් ආයෙම විලන් චරිතයකින් අපි ඉස්සරහට එනවා දැකගන්න පුළුවන්.
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Siddhant Chaturvedi – [යුද්‍රා රතෝර්]
Malavika Mohanan – [නිඛාත් සිද්දිකි]
Raghav Juyal – [ෂෆීක්]
Gajraj Rao – [කාර්තික් රතෝර්]
Ram Kapoor – [රෙහ්මාන් සිද්දිකි]
Raj Arjun – [ෆිරෝස්]
Saurabh Gokhale – [ගිරිෂ් ඩික්සිත්]
පොලිස් දෙපාර්තමේන්තුවේ කැපවීමෙන් අවංකව ක්‍රියාකරන දක්ෂ නිලධාරියෙක් තමයි ගිරිෂ් ඩික්සිත් කියන්නේ.. ඒවගේම ගිරිෂ්ට පොලිසියේ හිටපු හොදම යාළුවෝ දෙන්නා තමයි කාර්තික් සහ රෙහ්මාන්. දිනක් සාදයක් අවසන් වෙලා ගෙදර යද්දි ගිරිෂ් සහ ඔහුගේ බිරිද අනතුරකට ලක් වෙනවා, ඒ වෙද්දි ගිරිෂ්ගේ බිරිද ප්‍රෙරේනා ගැඹිනියක්. අනතුරින් පස්සේ මේ අය රෝහල් ගත කළත් දිවි බේරාගන්නේ මව් කුසේ හිටපු ඒ දරුවා පමණයි. ඔහු තමයි යුද්‍රා.. මෙතන ඇත්තටම සිද්ද උනේ රිය අනතුරක්ද එහෙමත් නැත්නම් සැලසුම් සහගත ඝාතනයක් ද.. මේ පිටුපස ඉන්න අදිසි හස්ථය කවුද ?
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කවිෂ්ක සංකල්ප”