![Kishkindha Kaandam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/rniBYHDRs6e8qMkPr4D4ZE5uMhF-185x278.jpg)
Viswam Sinhala Sub
Viswam Sinhala Subtitles
Viswam 2024 Sinhala Sub
Viswam 2024 Sinhala Subtitles
Viswam (2024) Sinhala Subtitle
රංගනයෙන් දායක වෙන්නෙ තෙළිගු සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වෙන Gopichand විසින්.. මේක මේ අවුරුද්දේ මෙයාගේ ආපු දෙවනි ෆිල්ම් එක.. ඇත්තටම මේක අධ්‍යක්‍ෂණය කරන්නේ ගොඩක් දෙනෙක් දන්න කියන අධ්‍යක්ෂකවරයෙක්, ඒ වෙන කවුරුත් නෙවෙයි, මහේෂ් බාබුගේ Dookudu 2011, රාම්ගෙ Ready 2008, NTR ගෙ Baadshah 2013, රාම් චරන්ගේ Bruce Lee – The Fighter 2015 වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Srinu Vaitla මහත්තය විසින්.. හැබැයි මේකේ නම් අනවශ්‍ය කොමඩි add කරන්න ගිහින් පොර ජෑම් කරගෙන වගේ එකක් පෙනුනා.. අනවශ්‍ය කොමඩි අයින් කරල මේකේ Main Story එක තව පොඩ්ඩක් ඉස්මතු කරා නම් ඇත්තටම මේක සුපිරියක්.. හරියටම කියනවා නම් ෆිල්ම් එක පැය 2යි විනාඩි 30ක් උනාට ස්ටෝරි එක තිබ්බේ අන්තිම පැය බාගෙ.. පැය 1 හමාරෙන් ඉවර කරන්න තිබ්බ ෆිලුමක්.. මොනා උනත් ඇක්ෂන් එහෙම නම් හොද මට්ටමේ ගැම්මක් එක්ක තිබුනා ඒවගේම මේකේ නම් තෙළිගු සිනමාවේ අපි දන්න කියන ගොඩක් නළු නිලියෝ සම්බන්ද වෙලා තිබුනා.. ඒ අතරින් වැඩිම දෙනෙක් කොමඩි නළුවන් වීම විශේෂත්වයක්
කතාව පැත්තට ගියොත්,
ත්‍රස්ත්‍රවාදියෙක් ඉන්දියාවේ ලොකු බෝම්බ පිපිරුමක් කරන්න සැලසුම් කරනවා.. මේ ගැන ඒ ප්‍රාන්තේ මහා ඇමතිට දැනගන්න ලැබෙනවා.. මොකද එයාගේ මල්ලිත් මේකට සම්බන්දයි.. ඉතින් මේකට විරුද්දව ක්‍රියාමාර්ග ගනී කියලා ඒ ත්‍රස්තවාදියයි ඇමතිගේ මල්ලියි එකතුවෙලා ඇමතිව මරනවා.. මෙන්න මේ මිනීමැරුම පොඩි ගෑනු ළමයෙක් දකිනවා.. ඉතින් මේ ත්‍රස්තවාදියා ඒ ගෑනු ලමයව මරන්න ලොකු වෑයමක් දරනවා.. ඒත් මේ එකක්වත් සාර්ථක වෙන්නෑ.. ඒකට හේතුව ගෝපි.. හදිස්සියේම මේ චූටි ගෑනු ළමයාගේ ජිවිතේට එන ගෝපි අන්කල් මෙයාගේ ජිවිතේ හැම කරදරයකින්ම බේරනවා..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”