![Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/03/aMwO4wGTpXu1x62llJvDm4YQWvT-185x278.jpg)
The Monkey King Sinhala Sub
The Monkey King Sinhala Subtitles
The Monkey King 2023 Sinhala Sub
The Monkey King 2023 Sinhala Subtitles
The Monkey King (2023) Sinhala Subtitle
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගෙ 52 වන උපසිරැසි නිර්මාණය යි. කඩයිමට පස්සෙ කරන පළමු චිත්‍රපටය. මුලින් ම කියන්න ඕන කඩයිම වෙනුවෙන් සුභ පැතූ නොපැතූ හැමෝටම හද පිරි ස්තූතියි. ඒ වගේම මම කරන පළමු Animetion චිත්‍රපයත් මේක කියල කියන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට.
The Monkey King කිව්ව ම කවුද නොදන්නෙ? දශක ගනනාවක් තිස්සෙ දීර්ඝ චිත්‍රපට මාලවකින් සහ Animation චිත්‍රපට මාලාවකින් ප්‍රේක්ෂක හිත දිනාගත්ත චරිතයක් තමා මංකි කින්ග් කියල කියන්නෙ. ඉතින් ඒ කතා මාලවෙ තවත් එක් නමක් සනිටුහන් කරමින් Netflix ල විසින් The Monkey King නමින් prequel චිත්‍රපටයක් පසුගිය 18 වෙනිද නිකුත් කරා. ඉතින් එහි සිංහල උපසිරැසි සබැඳුම තමා මෙලෙස ඔබ ඉදිරියේ දිග හැරෙන්නෙ.
මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ මංකි කින්ග් ට කොහොම ද එයාගෙ අමරණීය බලය ලැබුනෙ සහ එයා කොහොම ද දෙවියෙක් බවට පත් වුනේ කියන කාරණය. කුඩා කාලයෙ ඉඳලම සමාජයෙන් ගැරහීමට ලක් වෙන මංකි කින්ග් තමංට අයිති තමංගෙ තැන වෙන අමරණීයත්වය සහ දේවත්වය හොයාගෙන එයගෙ ආයුධය වන “පොල්ල” (Stick) සහ සහයිකාව ලින් එක්ක යන ත්‍රාසජනක සහ වික්‍රමාන්විත චාරිකාවක් තමා මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ. ඉතින් මේ වෙද්දි මේ චිත්‍රපටය 7.2/10 වගේ ඉහළ Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව වගේම තමා සෑහෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර කලින් චිත්‍රපට මාලාවට සාපේක්ෂව ලැබිල තියෙනව.එහෙනම්,හැමෝටම ච්ත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙමු!
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ““දුලක්ෂ සම්පත්””