![Space Sweepers (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/cBcmL2H866sNqhAR8J9DQ9R4UD6-185x278.jpg)
Raayan Sinhala Sub
Raayan Sinhala Subtitles
Raayan 2024 Sinhala Sub
Raayan 2024 Sinhala Subtitles
Raayan (2024) Sinhala Subtitle
මේ රායන් චිත්‍රපටයේ ලේ වැගිරීම් දර්ශන අධික නිසාවෙන් Adults Only සහතිකය ලබා දුන්නා. ධනුෂ්ගේ මුල්ම චිත්‍රපටය වන Thulluvadho Ilamai (2002) සහ Vada Chennai (2018) චිත්‍රපට වලට මීට පෙරදී Adults Only ලෙස සහතිකය ලැබී තිබුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රායන් චිත්‍රපටයේ තිර පිටපත Academy of Motion Picture Arts and Science පුස්ථකාලයට එක් කරගෙන තිබෙනවා. රායන් චිත්‍රපටයේ අනුගාමී චිත්‍රපටයේ(Sequel) මූලික වැඩ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතින බවත් සඳහන් වෙනවා. ඒ චිත්‍රපටයෙන් ප්‍රකාෂ් රාජ්ගේ චරිතයට වඩා වැඩි ඉඩ හසරක් ලැබේවි කියලා හිතනවා.
රායන් නිෂ්පාදනය කරන්නේ සන් පික්චර්ස් විසින්. Thiruchitrambalam (2022) චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ සන් පික්චර්ස් දෙවන වතාවටයි ධනුෂ් සමඟින් එක් වෙන්නේ. ධනුෂ් සමඟින් සන්දීප් කිෂාන්, SJ සූර්යා, ධුෂාරා විජයන්, කාලිදාස් ජයරාම්, සෙල්වරාඝවන්, අපර්ණා බාලමුරලි, ප්‍රකාෂ් රාජ්, සරවණන්, වරලක්ෂ්මි සර්ත්කුමාර්, විද්‍යාදර්ශිනී, ඉලෛවරසු, සෙල් මුරුගන් යනාදි නළු නිළියන් මෙහි චරිත රඟ දක්වනවා.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රවිඳු නවින්”