![Vanangaan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/3L7lr67HqidLP3SYsLmFq3JZ8lR-185x278.jpg)
Noryang: Deadly Sea Sinhala Sub
Noryang: Deadly Sea Sinhala Subtitles
Noryang: Deadly Sea 2023 Sinhala Sub
Noryang: Deadly Sea 2023 Sinhala Subtitles
Noryang: Deadly Sea (2023) Sinhala Subtitle
පලවෙනි පාරට බලන කෙනෙක් නම් පොඩ්ඩක් ඉතිහාස කතාව කියලා ඉන්නම් තේරුම් ගන්න.
ඉම්ජින් යුද්ධය එහෙමත් නැතිනම් ජපනුන්ගේ කොරියානු ආක්‍රමණය.හරියටම කිව්වොත් වසර හතක් මුලුල්ලේ මේ යුද්ධය පැවතුනා.පළමු වරට1592 වර්ෂයේ දී ත් ඊට පසුව 1598 වර්ශයේදීත් ජපන් හමුදා කොරියාව ආක්‍රමණය කරනවා.බොහෝම අලාභ හානි,ජීවිත අහිමි වීම් එක්ක කොරියානු අර්ධද්වීපයෙන් කොටසක් ජපනුන්ට යටත් වෙනවා.1598 කාලයෙ මේ දෙවෙන ආක්‍රමණය වෙනකොට පසු බැසලා ඉන්න කොරියාව එහෙමත් නැත්තං ජෝසනය චීනයේ මින්ග් අධිරාජ්‍ය එක්ක ආපහු ජපනුන් එක්ක සටනට එළඹෙනවා.1598 වෙනකොට ක්‍රම ක්‍රමයෙන් ජපන් හමුදා ජොසනයෙන් එහෙනම්ත් නැත්නම් කොරියානු අර්ධද්වීපයෙන් පසුබස්වන්න සමත් වෙනවා.ඒ කොහොම උණත් ජපන් හමුදා සටන අත්හරින්නෙත් නැහැ ඔවුන් උල්සාන් ,සන්චොන් වගේ දකුණු දිග මුහුදුබඩ පෙදෙස්වල බලකොටුවල කඳවුරුලා ගෙන ජෝසන්-මිං හමුදාවලට පහර දෙනවා.කලින් කලට ආක්‍රමණ දියත් කලත් ජෝසන් හමුදාවන්ට මේ බලකොටු අල්ලාගන්න බැරිවෙනවා.මෙන්න මේ අතරතුරේදී ජපන් නායක ටොයොටොමි හිදයෝෂි මරණය පත්වෙනවා, ඔහු තමා ජපානය බලවත් එක්සත් රාජ්‍යක් කරන්න උර දුන් නායකයන් තුන් දෙනාගෙන් එක්කෙනෙක්.ඔහුගේ මරණයත් එක්ක ජපන් හමුදාවන් වල ව්‍යාකූල තත්ත්වයක් උදා වුනා.දිගින් දිගටම ජපන් හමුදා පරාජය වෙන නිසා අවසානයේ කොරියානු අර්ධද්වීපයෙන් ජපාන හමුදා ඉවත් කරගන්න තීරණය කරනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ලක්මිණ රුවිශාන්”