What's happening?

Video Sources 93 Views Report Error

  • Watch trailer
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Her web connects them all.Feb. 14, 2024USA116 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

Madame Web Sinhala Sub
Madame Web Sinhala Subtitles
Madame Web 2024 Sinhala Sub
Madame Web 2024 Sinhala Subtitles
Madame Web (2024) Sinhala Subtitle

Sony ආයතනය විසින් එයාලගේ ස්පයිඩර්-මෑන් නැති සෝනි-ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේ මීළඟ දිගහැරුම විදියට 2024 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කළ Madame Web චිත්‍රපටයට තමයි අද අපේ නිර්මාල් අයියා උපසිරසි අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ටිකේ අන්තර්ජාලයේ සැරිසැරුව මාවල් රසිකයෙක් නම් දන්නවා ඇති නේ ෆිල්ම් එක ගැන තියෙන අදහස. සෝනි-ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේ බහුතරයක් ෆිල්ම්ස් වගේ මාවල් රසිකයෝ ආදරයෙන් වැළඳගත්තේ නැති ෆිල්ම් එකක් කියලා විතරක් අපි කියමුකෝ.

ෆිල්ම් එක මේ වෙනකොට IMDb දර්ශකයේ 3.8ක අගයකුත්, Rotten tomatoes දර්ශකයේ 12%ක අගයකුත් අරගෙන තියෙනවා. බහුතරයක අදහස මේක වුණාට ෆිල්ම් එකට හොඳ cast එකක් ඉන්න බව නම් කියන්න ඕනේ. Dakota Johnson (කැසැන්ඩ්‍රා වෙබ්), Sydney Sweeney (ජූලියා කෝර්න්වෙල්), Isabela Merced (ආන්‍යා කොරසොන්), Celeste O’Connor (මැටී ෆ්‍රෑන්ක්ලින්), Tahar Rahim (ඉසීකියල් සිම්ස්), Adam Scott (බෙන් පාකර්), Emma Roberts (මේරි පාකර්) ආදී නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

මේ කැරැක්ටර් එක ස්පයිඩර්-මෑන් තරම් ප්‍රසිද්ධ චරිතයක් නොවුණාට ස්පයිඩර්-මෑන් කොමික්ස්වල (විශේෂයෙන්ම මල්ටිවර්ස් එක සම්බන්ධ කොමිකවල) ඉතාම වැදගත් වෙන චරිතයක්. ඒත් මං හිතන්නේ නෑ හුඟක් කට්ටිය මෙයා ගැන අහල ඇති කියලා, මොකද මෙයා මීට කලින් චිත්‍රපටිවලදී අපට හඳුන්වා දුන්නු චරිතයක් නෙමෙයි. වෙනත් වචනවලින් කියනවා නම්, මේක තමයි මැඩම් වෙබ් ගේ මුල්ම big screen debut එක. ඉතින්, අපි මෙයා කවුද, මෙයාට තියෙන හැකියාවන් මොනවද, මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා හොයාගන්න එයාගේ කොමික් ඉතිහාසය බලමු නේද?

Madame Web ව මුලින්ම හඳුන්වා දුන්නේ 1980 අවුරුද්දේ The Amazing Spider-Man #210 කලාපයෙනුයි. මේ චරිතය නිර්මාණය කළේ Denny O’Neil සහ John Romita Jr. විසිනුයි. මෙයා මාවල් විශ්වයේ ඉන්න mutant කෙනෙක්. Mutant කිව්ව වචනේ ඇහුණ ගමන් හුඟක් අයට මතක් වෙන්නේ X-Men ලව නේ. නමුත් X-Men ලට කිසිම සම්බන්ධයක් තියෙන චරිතයක් නෙමෙයි. මෙයා Spider-Verse එකට සම්බන්ධ චරිතයක්. මෙයාගේ කාර්යභාරය තමයි විවිධ ස්පයිඩර්-මෑන්ලාට අවවාද හා උපදෙස් සපයන එක.

ඒක එහෙම වුණේ කොහොමද කියන එක තේරුම් ගන්න නම් අපට මෙයාගේ origin එක බලන්න වෙනවා. Madame Web හෙවත් Cassandra Webb උපදින්නේ අන්ධ, myasthenia gravis කියන දුර්ලභ ගණයේ රෝගයෙන් පෙළෙන mutant කෙනෙක් හෙවත් “විපරීතයෙක්” විදියටයි. මෙයාගේ මේ රෝගය හේතුවෙන් එයාගේ අස්ථි සම්බන්ධ මාංශපේශී දුර්වල වෙලා එයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා ඉතින් එයාගේ ස්වාමියා වන Jonathan Webb එයා මිය යන්න කලින්, තමන්ගේ බිරිඳට දෙන අවසන් තෑග්ග විදියට එයාට life-support system එකක් තිළිණ කරනවා. මේක,මකුළු දැලක් වගේ ඩිසයින් එකක් තියෙන පුටුවක්. මැඩම් වෙබ් මුළු ජීවිත කාලයම රැඳෙන්නේ මේ පුටුවේ, ඒවගේම මේක එයාගේ කැරැක්ටර් එකේ defining trait එකක්.

මැඩම් වෙබ් කියන්නේ අංශබාගයෙන් පෙළෙන, ජීවිත කාලයම එක තැනක ගත කරන්න වෙන, අන්ධ වයසක ගෑනු කෙනෙක් කියලා එයාව අවතක්සේරු කරන්න නරකයි. මොකද මෙයා මාවල් විශ්වයේ සුවිශේෂ බලයක් තියෙන මියුටන්ට් කෙනෙක්. මෙයාගේ බලයන් තමයි telepathy, clairvoyance සහ precognition. ඒ කියන්නේ පරචිත්තවිජානන නුවණ, මුළු මල්ටිවර්ස් එකේම සිද්ධවෙන දේවල් දැකීමේ හැකියාව සහ අනාගත සිදුවීම් දැනගැනීමේ හැකියාව. මේ හැකියාවන්, සහ Web of Life and Destiny එකට මෙයාගේ තියෙන සමීප සම්බන්ධය නිසා මෙයා මාවල් විශ්වයේ වඩාත්ම වැදගත් චරිත අතරින් එකක්. Spider-Verse එක සම්බන්ධව නම් ඉන්න වැදගත්ම චරිතය මෙයා කිව්වොත් හරි.

ඉතින් මොකක්ද මේ Web of Life and Destiny කියන්නේ? ඒක දිග කතාවක්, ඒත් ඒක සරල කරනවා නම්, Spider-Man: Across the Spider-Verse චිත්‍රපටියෙදී Spider-Verse එක පැහැදිලි කරපු විදිය මතකද? මේකත් ඊට හුඟක් සමානයි. මුළු මල්ටිවර්ස් එක පුරාම දැලක් වගේ අතු විහිදමින් පැතිරෙන මේ Web of Life and Destiny එකෙන් මල්ටිවර්ස් එක සමබරව පවත්වා ගන්නවා වගේම, විවිධ විශ්වයන් අතරේ ගමන් කරන්නත් හැකියාව ලැබෙනවා. මේක නිසා තමයි මැඩම් වෙබ්ට මුළු මල්ටිවර්ස් එකේම සිද්ධ වෙන දේවල් දකින්න පුළුවන්කම තියෙන්නේ. Web of Life and Destiny එක maintain කරන්නේ Master Weaver කියන කෙනායි. මෙයා නිතරම මේ දැල තවත් දිගට දිගට වියනවා. ඒ හැම ශාඛාවකම, එයා ස්පයිඩර්-මෑන් / වුමන් කෙනෙක් වෙන පුද්ගලයෙක්ව නිර්මාණය කරනවා. Web of Life and Destiny ගැන කියන්න තව හුඟක් සංකීර්ණ දේවල් තියෙනවා. ඒත් දැනට, ඒක හැම විශ්වයක්ම සම්බන්ධ කරන දැලක් වගේ දෙයක් බව හිතාගන්නකෝ.

ඉතින්, මේ Web of Life and Destiny එකත් එක්ක මැඩම් වෙබ්ගේ උපතින්ම තියෙන සම්බන්ධය නිසා එයාට අනාගත සිදුවීම් දකින්න සහ ඒවා වළක්වන්න වගේම, විවිධ විශ්වයන්වල මල්ටිවර්ස් එකට සහ ස්පයිඩර්-මෑන්ලාට තියෙන තර්ජන දැකීමේ හැකියාව ලැබෙනවා. මේ සම්බන්ධ සිදුවීමක් පාදක කරගෙන තමයි Spider-Verse කොමික් සීරීස් එක නිර්මාණය වුණෙත්. මැඩම් වෙබ් ගේ ප්‍රධාන රාජකාරිය තමයි ස්පයිඩර්-මෑන්ලාගේ යහපැවැත්ම තහවුරු කිරීම සහ අවශ්‍ය වෙලාවන්වලදී ස්පයිඩර්-මෑන්ලට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශනය දෙන එකයි.

ඉතින් ඔන්න ඕකයි මැඩම් වෙබ් ගැන කතාව. මාත් තාම ෆිල්ම් එක නම් බැලුවේ නෑ. ඒත් සබ් එක කරපු නිර්මාල් අයියා ෆිල්ම් එක ගැන දරන අදහස නම් අලුත් කැරැක්ටර් එකක් කියලා හිතාගෙන බැලුවොත් ෆිල්ම් එක රසවිඳින්න පුළුවන් බවයි. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසත් යටින් කොටාගෙන යන්නකෝ. ලිපිය ලියන්න දුන්න අවස්ථාවට ස්තුති කරමින් මං සමුගන්නවා. පස්සේ වෙලාවක හමුවෙමු. පීස් .

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “නිර්මාල් විමුක්ති”

Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madame Web (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Madame Web
IMDb Rating 4 91,831 votes
TMDb Rating 5.449 1,921 votes

Director

Andrew Stahl
Director

Cast

Dakota Johnson isCassandra Webb
Cassandra Webb
Sydney Sweeney isJulia Cornwall
Julia Cornwall
Isabela Merced isAnya Corazón
Anya Corazón
Celeste O'Connor isMattie Franklin
Mattie Franklin
Tahar Rahim isEzekiel Sims
Ezekiel Sims
Mike Epps isO'Neil
O'Neil
Emma Roberts isMary Parker
Mary Parker
Adam Scott isBen Parker
Ben Parker
Kerry Bishé isConstance
Constance

Similar titles

Garudan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Local Sarakku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dominion of Darkness (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Speak No Evil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vidaamuyarchi (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Take Cover (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nirangal Moondru (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nidarr (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pushpa 2 – The Rule (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published