
Kishkindha Kaandam Sinhala Sub
Kishkindha Kaandam Sinhala Subtitles
Kishkindha Kaandam 2024 Sinhala Sub
Kishkindha Kaandam 2024 Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Subtitle
ආයුබෝවන් මේක අද OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය උණු උණුවෙම දෙන්න පුළුවන් උනා ඔන්න. මේකත් මේ වසර තුල නිකුත් උන මලයාලම් චිත්‍රපට අතර තවත් සුපිරියක්. කෝටි හතක බජට් එකකින් කරලා කෝටි 75 ඉක්මවපු ආදායමK ගත්ත mystery thriller ඝනයෙ චිත්‍රපටයක්. ඒ වගේම තවත් අමුතුම කතාවක් කිව්වොත් නිවැරදියි.මේකෙ ප්‍රධාන චරිත දෙක කරන්නෙ අසිෆ් අලි සහ අපර්ණා බාල මුරලි. ඒ කොහොම උනත් ප්‍රවීණ නළු විජයරාඝවන්ගෙ චරිතය මේ සියළු චරිත ඉක්මවා නැගී සිටින්නෙ ප්‍රභල රංගනයක් එක්ක.දිනිත් අයියතන් විසින් අධ්‍යක්ශනය කරන ලද මේ චිත්‍රපටය මේ තරම් සාර්ථක වෙන්න ප්ලොට් එක බලපාන්න ඇති.
කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සංරක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K”