The King Eternal Monarch 2020 TV Series 1×7 Sinhala Subtitles
The King Eternal Monarch 1×7 Sinhala Sub
The King Eternal Monarch 1×7 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×7 Sinhala Sub
මේ කොටස වෙද්දී කතාවේ ඔබට තිබ්බ ගැටළු එකින් එක නිරාකරණය වෙමින් තියෙන්නේ, ලෝක දෙක හා කව්රුන් හෝ ගමන් කරද්දී කාලය මොහොතකට නවතිනවා, දැන් මේ ගැන ලී ගොන් රජු වගේම, ලී ලිම් කුමාරයත් දන්නවා. දැන් ඔන්න නැවතත් ලී ගොන් රජු කොරියානු ජනරජයේ, මෙවර ඔහු යන්නේ යොන්ග් සමඟයි, ඒත් කොරියාවේ ඉන්න එයුන්-සෝ දැකලා දෙන්නම කලබල වෙනවා, කොහොමහරි එකටත් විසඳුමක් ඔවුන් හොයාගන්නවා. ඒ වගේම රජුට දැන් සහතිකයි ද්‍රෝහී ලී ලිම් කුමරු ඉන්නේ කොරියාවේ බව, ඔහුට බියෝන්ග් කුමරු ලබාදෙන මරණ වාර්තාවත් එක්කයි ඔහු කොරියාවට එන්නේ.
ඔහු එය ටේ-වුල්ට දෙනවා, ඒවගේම ටේ-වුල් කෝර්යා රාජධානියට අයත් හඬපටයක්, කොරියාවෙන් සොයාගන්නවා, ඒවගේම ලී ගොන් රජුගේ කොරියානු ජනරජයේ ඉන්න ද්විත්ව කාය එහෙමත් නැත්නම් ඔහු වගේම සිටින අනිත් කෙනා කුඩා කලදීම මියගොස් ඇති බව ටේ-වුල් දැනගන්නවා. ඒවගේම ද්‍රෝහී ලී ලිම් කුමරු අවරුදු 24 පුරාවටම ලෝක දෙකේ මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු මරා දමමින් ඔහුගේ සේවකයෙකු ලෙස අනෙක් ලෝකයේ සිටින ඒ රූපකායම ඇති පුද්ගලයන් යොදවනවා. ඔහු හොර රහසේ කෝර්යානු රාජධානියේ ඉහල පෙලේ සේවකයන් මරා ඔහුගේ වහලුන් ලෙස එකින් එක කොරියානු ජනරජයේ මිනිසුන් රැගෙන යනවා. එහෙනම් රසවිඳින්න.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”