What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x11

Episode 11

The King Eternal Monarch 2020 TV Series 1×11 Sinhala Subtitles
The King Eternal Monarch 1×11 Sinhala Sub
The King Eternal Monarch 1×11 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×11 Sinhala Sub

11 වැනි කොටස
මේ වෙද්දී කතාවේ ගොඩක් දේවල් සිදුවෙලා. එත් විසඳුම් නැති ගැටළු තවමත් ඉතුරුයි. මේ කොටසත් කතාව ගැන තවත් තේරුම් ගන්න පුළුවන්,කොටසක් කියල කියන්න ඕනි. පසුගිය කොටසේ හැමෝම වගේම ලී ගොන් රජු වැඩියෙන්ම ආදරේ කරපු බියෝන්ග් කුමරු මිය යනවා. ලී ලිම් තමයි ඔහු ඝාතනය කරන්නේ. කතා කරන වචනයකින් පවා සැනසිල්ලක් දැනෙන, ඉතාමත් නිහතමානී ජිවිතයක් ගත කරපු කෙනෙක් තමයි බියෝන්ග් කුමරු කියන්නේ, රාජ නීති රීති වලට අනුව ඔහුගේ දරුවන්ට කෝර්යා රාජධානියට පැමිණිය නොහැකි ඔහු ජීවත්ව ඉන්න තුරු, ඔහු ඒවත් විඳ දරාගෙන ලී ගොන් රජු වෙනුවෙන් ජිවිතයම කැප කරමින් ඔහු අසලින් ඉන්නවා. එනිසා ඔහුගේ නික්ම යෑම රජුට මහත් වේදනාවක් ගෙන දෙනවා, ඒවගේම ද්‍රෝහී ලී ලිම් කෙරෙහි වෛරයකුත්. එනිසා මේ කොටසේදී රජු ඔහු ලුහුබැඳීම් ආරම්භ කරනවා

ඒවගේම කෝ අගමැතිනියගේ හැඩරුවම ඇති කාන්තාවක් ටේ-වුල්ටත්, තවම කොරියාවේ ඉන්න යොන්ග්ටත් හමුවෙනවා. ඒත් ඒ ඇත්තටම අගමැතිනියද,එහෙමත් නැත්නම් කොරියාවේ ඉන්න ඇගේ ද්විත්වකායද යන වග කව්රුත් හරියටම දන්නේ නැහැ. ඒවගේම ඔයාලගේ අවධානය ලැබෙන්න ඇති, යෝ-යෝ එකක් අතේ තියාගෙන පොත්හල අසල ඉඳගෙන හැමදාම පොත් කියවන පොඩි පිරිමි ළමයා, ඔහු පවසන්නේ ඔහු ඉන්නේ මේ දේවල් සමබර කරන්න කියල, ඔයාලට මතක නම් ඔහුගේ අතින් තමයි ටේ-වුල්ගේ හැඳුනුම්පත කාණුවට වැටෙන්නේ, කොරියානු ජනරජයේදී. ඔහුත් මේ කතාවේ සංකේතාත්මක චරිතයක් බව හැඟෙනවා. ඒවගේම ටේ-වුල් ගේ හැඩරුව ඇති ලුනාත් දැන් ඉන්නේ ලී ලිම් ළඟ. ඔහු ඇයව ටේ-වුල් ලෙස කොරියාවට යවන්නයි සැරසෙන්නේ.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×11 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×11 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
May. 22, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published