Squid Game 2024 TV Series 1×2 Sinhala Subtitles
Squid Game 1×2 Sinhala Sub
Squid Game 1×2 Sinhala Subtitles
Squid Game 2024 1×2 Sinhala Sub
Squid Game කතා මාලාවේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක Hwang Dong-hyuk, 2021 ඔක්තෝම්බර් මස අගදී, ප්‍රකාශ කළේ ඔහු දෙවන වාරයක් සම්බන්ධයෙන් Netflix සමඟ සාකච්ඡා කරමින් සිටින බවක්, ඒවගේම ඔහු තවදුරටත් 2021 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ තමා Netflix සමඟ තෙවන වාරයක් ගැන ද සාකච්ඡා කරමින් සිටින බවයි. ඔහුට ප්‍රථමයෙන් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අවැසි වුවත්, Squid Game සඳහා පමණක් ප්‍රසිද්ධ වීම වළක්වා ගැනීම සඳහා, ඔහු විසින් නිර්මාණය කළ හැකි අතිරේක චිත්‍රපට නිකුත් කිරීමට Netflix සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය වුනා.
2021 නොවැම්බරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු දෙවන වාරයේ සංකල්පීයකරණ කටයුතු ආරම්භ කළ බවට තහවුරු කලා., ලී ජුං-ජේව නැවත ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති අතර ඔහුගේ ගි-හුන්ගේ භූමිකාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කලා. ඒවගේම Squid Game හි දෙවන වාරය 2024 වන විට අවසන් වීමට පෙර විකාශනය වන බවත් තහවුරු කලා.
කථාංග නවයකින් යුත් පළමු මාලාව ලිවීමේ සහ නිෂ්පාදනය කිරීමේ ආතතිය හේතුවෙන් අධ්‍යක්ෂකට, මුලින් Squid Game දෙවන වාරයක් ලිවීමට ක්ෂණික සැලසුමක් නොතිබුනා කියලත් කියනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හංසන හෙට්ටිආරච්චි”