ONE PIECE 2023 TV Series 1×6 Sinhala Subtitles
ONE PIECE 1×6 Sinhala Sub
ONE PIECE 1×6 Sinhala Subtitles
ONE PIECE 2023 1×6 Sinhala Sub
කොහොමද. මේ වන් පීස් පලමු කතා මාලාවේ 6 වෙනි කථාංගය. මේ වෙද්දිත් කතාව අපූරුවට ගලාගෙන යනවා.
පෙර කථාංග වලින් අපි දැක්කා ලුෆී එයාගෙ කණ්ඩායමට සෝරෝ, නමී සහ උසොප් කියන යාළුවන්ව එකතු කරගන්න විදිය. ඊට පස්සේ එයාලා වන් පීස් නිධානය හොයාගෙන යන ගමනෙදි ප්‍රභල මුහුදු කොල්ලකාරයෝ දෙතුන් දෙනෙක්ම සටන් කරන්න මුණ ගැහෙනවා ඒ විතරක් නෙවෙයි, පහුගිය කතාවේ හොඳම සිද්ධිය උනේ ලුෆීගෙ පස්සෙන් එන වයිස් අද්මිරාල් ගාර්බ් ලුෆීගෙ සීයා කියන එක.
ඉතින් මේ අතරේ සෝරෝටත් හීනයක් තිබ්බනෙ ලෝකෙ හොඳම කඩු සටන්කරු වෙන එක, ඒ නිසා එයා මිහාක් කියන යුධ නායකයා එක්ක සටනට පිවිසෙනවා. ඒ වැඩේ නම් පොඩ්ඩක්වත් ලේසි දෙයක් වුනේ නෑනෙ. අන්තිමේදි කඩු පහරකින් සෝරෝ ඇද වැටෙනවා. අද කතාව එතනින් එහාට තමා ගලාගෙන යන්නේ.
අද කතාව ගැන කිව්වොත්, මාළු මිනිස්සු කියල ප්‍රභල හතුරො වගයක් ලුෆීවයි එයාගෙ ග්‍රෑන්ඩ් ලයින් සිතියමයි හොයාගෙන එනවා. එතනින් එහාට කියන්න යමක් නෑ. කථාංගය එක්ක එකතු වෙන්න කියන ආරාධනයත් එක්ක ඔන්න මං සමුගන්නවා, ජය වේවා!
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “බුවනක නිර්මාණ”