Light Shop 2024 TV Series 1×6 Sinhala Subtitles
Light Shop 1×6 Sinhala Sub
Light Shop 1×6 Sinhala Subtitles
Light Shop 2024 1×6 Sinhala Sub
ඔන්න එහෙනම් යමු කතාව පැත්තට..
ඔයාට අමුතු කෙනෙක්ව හම්බුනොත්
ඔයාට එයාව නොදැක්කා වගේ ඉන්න වෙනවා
අමුතු දෙයක් දැක්කෙ නෑ වගේ ඉන්න
කොහොමටවත්, දැක්කෙ නෑ වගේ ඉන්න.
එයාලා මොකෙන්ද කොහොමද වෙනස්
නිකන්ම පේන්නෙ නෑ
කිට්ටුවෙන් ගොඩාක් කිට්ටුවෙන් බලන්න ඕනෙ
නාඳුනන අයගෙන් පරිස්සම් වෙන්න
අඳුරු පාළු අත්භූත පටුමගක් කෙලවරේ විඳුලි බුබුලු සාප්පුවල් තියෙනවා. ඒ පැත්තෙ රෑට ආලෝකයක් තියෙන්නෙ.. කෙනෙක්ට ඇතුලට එන්න දොර ඇරලා තියෙන එකම තැන තමා ඒ සාප්පුව.. අත්භූත මිනිස්සුම තමා මෙතනට එන්නෙ යන්නෙ.. එයායා එතනට යනකොට සාප්පුවෙ අයිතිකාරයා අහන්නෙ එකෙ දෙයයි..
කොහොමද මෙතනට ආවේ?
මේ පාළු අඳුරු පටුමගේ සැරිසරන් ගැවසෙන මිනිස්සු වගයක් ඉන්නවා. මේ මිනිස්සුද අවතාරද කියන එක මම දන්නෙත් නෑ.
එක පාරටම ඇට කැඩෙන සද්දයක් ඇවිල්ලා උස ගිහින් ආය යථා තත්වෙට පත්වෙන කෙනෙක්..
එතකොට ලේ පෙරෙන ගමන් මල්ලක් අතේ තියන් යන කෙනෙක්..
පාලු ගෙදරකට අලුතෙන් ආව තරුණ කාන්තාවක්..
පටුමග දිගේ සින්දු කියාගෙන දුවන ඉස්කෝල කොල්ලෙක්..
බල්ලෙක් කෑ ගහන සද්දෙ නිසා නිදාගන්න බැරි මනුස්සයෙක්..
එතකොට ස්කූටරේක ගිය කෙනෙක්ව හොයන රහස් පරීක්ෂකයෙක්.. මෙයා අර ලයිට් කඩේට ගිහින් ඔලුව වැණුවාම ඇහේ කළුබෝලෙත් කැරකුනානෙ.
අම්මා වෙනුවෙන් වැඩ කරනවා කියල නිතර ඒ කඩේට එන ගෑණු ළමයෙක්..
අමුතු මිනිස්සු පේන දැඩිසත්කාර ඒකකයෙ වැඩ කරන හෙදියක්..
වැස්සෙ තෙමි තෙමි ඉන්න තරුණියකට උදව්කරන හාදයෙක්..
ඔන්න ඔය වගේ පිරිසක් මේ ඩ්‍රාමා එකෙන් අපිට දැක බලාගන්න පුලුවන්..
උභතෝකෝටික ප්‍රශ්න ගොඩාක් ඉතුරුයි..
මේ අය මිනිස්සුද? අවතාරද?
අවතාර පේන මිනිස්සුද?
අවතාරවලටම අවතාර පේනවද?
මොකක්ද මේ විදුලි බුබුළු සාප්පුව?
සාප්පුව අයිති කෙනා ඇත්තටම අන්ධද?
තරුණද? වයසද?
මේ නොයෙක් සිඳුවීම්වලට මූන දුන්න වින්දිතයොද?
මට නම් ප්‍රශ්න ගොඩයි.. කතාව බලන කෙනෙක්නම් ඔයාටත් මේ ප්‍රශ්න ඇති. එහෙනම් මේ අත්භූත කතාමාලාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම ඔයාලගෙන් සමුගන්නම්..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”