Gangnam B-Side 2024 TV Series 1×1 Sinhala Subtitles
Gangnam B-Side 1×1 Sinhala Sub
Gangnam B-Side 1×1 Sinhala Subtitles
Gangnam B-Side2024 1×1 Sinhala Sub
එහෙනම් ඔන්න මම අලුත් ඔන්ගොයින් ඩ්‍රාමා එකකට සබ් අරගෙන ආයෙම ආවා..
ඩ්‍රාමා එකේ නම Gangnam B-Side. Action, Thriller,Crime කැටගරි එකට තමයි අයිති වෙන්නෙ. Disney+ නෙට්වර්ක් එකෙන් නොවැම්බර් 06 වෙනිදා ඉදන් විකාශයාරම්භ වෙනවා. එතකොට ඩ්‍රාමා එකට එපිසෝඩ් 08ක් තියෙනවා විනාඩි 50ක ධාවන කාලයකට යටත්. ප්‍රචණ්ඩකාරී දර්ශන නිසා මේක වයස 18+ට වැඩි අයට තමා සීමා කරලා තියෙන්නෙ. තව කිව්වොත් අධ්‍යක්ෂණය Park Noo Ri ගෙන්. තිර පිටපත් රචනය Jo Won Gyu ගෙන්. ප්‍රධාන චරිත Jo Woo-jin, Ji Chang-wook, Ha Yoon-kyung, Bibi මේ හතර දෙනා නිරූපනය කරනවා. The Worst of Evil ඩ්‍රාමා එකෙන් පස්සෙ Chang-wook, Bibi මේ දෙන්නා එකට ඉන්න ඩ්‍රාමා එකක් ඔන්න අපිට බලාගන්න පුලුවන්. Bibi ගැන කිව්වොත් Badass චරිතවලට කියාපු නිළිය. Ji Chang-wook ගෙ ඇක්ටින් එන්න එන්නම සුපිරි වෙනවා කියන එකත් අවිවාදෙන්ම පිළිගන්න පුලුවන්. Queen Woo බැලුවනම් ඒ ගැන මොනවට පැහැදිලි වෙයි. කොල්ලා දක්ෂයා. සාම්ප්‍රදායික පෙම්වතාගෙ චරිතයෙන් ඔබ්බට ගිය ඇක්ෂන් පැත්තට නැඹුරු චරිත එයාට ගොඩක්ම ගැලපෙනවා කියන එක තමා මගේ මතය.
කං දොං-උ ගේ චරිතය කරන Jo Woo-jin ප්‍රභූ පොලිස් ඇකඩමියකින් උපාධිය අරගත්ත රහස් පරීක්ෂකයෙක්. මොනවහරි දෙයක් තහවුරු කරගත්තම පැකිලෙන්නෙ නැති හින්දා එයාට අනපේක්ෂිත සිදුවීම් ගොන්නකට මුහුණ දෙන්න වෙනවා. Ji Chang-wook යුන් ගිල්-හෝගෙ චරිතය රඟදක්වනවා. ගිල්-හෝ කියන්නෙ තැරැව්කාරයෙක්. Ha Yoon-kyung ගෙ චරිතය තමා මින් සෝ-ජින්. ප්‍රාදේශීය ජාතික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් තැනැත්තියක් වෙන සෝ-ජින් අභිචෝදක කාර්යාලයේ සේවය කරන අභිචෝදකවරියක්. Kim Hyeong-seo (Bibi) කිම් ජේ-හීගෙ චරිතය නිරූපනය කරනවා
සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”