ONE PIECE 2023 TV Series 1×8 Sinhala Subtitles
ONE PIECE 1×8 Sinhala Sub
කොහොමද ඉතින් හැමෝටම? මේ අරගෙන එන්නේ Netflix එකේ අතිශය සාර්ථකත්වයට පත්වෙච්ච One Piece ලයිව්-ඇක්ෂන් කතා මාලාවේ 8 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි යි. මේක තමයි පළමු කතා සමයේ අවසාන එපිසෝඩ් එක. නම් කරලා තියෙන්නේ “Worst in the East” කියලයි.
ඉතින් අපි මුල් එපිසෝඩ් එකේ දැක්ක, මුහුදු කොල්ලකාරයින්ගේ රජු වෙන්න හීනයක් තිබුණු, පිදුරු තොප්පියක් දාන් උන්නු තනිකඩ කොල්ලා මේ වෙනකොට විශ්වාසවන්ත නාවිකයෝ කණ්ඩායමක් හොයාගෙන සෑහෙන්න දුරක් ඇවිල්ලා තියෙනවා. ඒවගේම සෝරෝ, නමී, උසොප්, සාන්ජි සහ ලූෆි යන මේ කල්ලිය බගී, කුරෝ, මීහෝක් වැනි මුහුදු කොල්ලකාරයින් එක්කත්, මැරීන්ස්ලා එක්කත් හැප්පෙන හැටි අපි දැක්කනේ. ඉතින් මේ විශ්වාසවන්ත කල්ලිය එච්චරම විශ්වාසවන්ත නොවන බව අපට හිතන්න සලස්වමින් නමී, ආර්ලෝන්ග් වෙනුවෙන් ලූෆිව පාවලා දීලා ග්රෑන්ඩ් ලයින් එකේ සිතියම එයා අතට දෙනවත් අපි දැක්කා. පහුගිය එපිසෝඩ් එකේදී එළිවුණා එයා එහෙම කළේ එයාගේ ගමේ ඉන්න හැමෝවම බෙරී මිලියන 100ක් ගෙවලා ආර්ලෝන්ග් ගේ ග්රහණයෙන් නිදහස් කරගන්න බව. එපිසෝඩ් එක අවසාන වුණේ ආර්ලෝන්ග්, නමීව පාවලා දුන්නට පස්සේ ලූෆි එයාට උදව් කරන්න එකඟ වෙන තැනිනුයි. ඒ අතරේ ලූෆිව හොයාගෙන එන මැරීන්ලා එයා ඉන්න තැන දැනගන්නවා. ඉතින් මේ ඔක්කොම කූටප්රාප්තියට පැමිණෙන්නේ මේ එපිසෝඩ් එකේදියි. එපිය ගැන එකම එක දෙයක් කියන්නම්: එපිසෝඩ් එක ඉවර වෙනකොට, දෙවෙනි කතා සමය එනකල් ඉවසිල්ලක් නැති වෙයි.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සනුප රන්මෙත්”