The Lord of the Rings 2024 TV Series 2×1 Sinhala Subtitles
The Lord of the Rings 2×1 Sinhala Sb
The Lord of the Rings 2×1 Sinhala Subtitles
The Lord of the Rings 2024 2×1 Sinhala Sub
මේ කතාවේ ප්රධාන චරිතේ ගැලැඩ්රියල් වගේ මුලින් පෙන්නුවට පස්සෙ මේක සවුරෝන්ගෙ කතාව වීගෙන යනවා වගේ පේනවා.ගැලැඩ්රියල්ගේ අයියා සවුරෝන් එක්ක සටන් කරන්න ගිහින් මැරෙනවා.ඊට පස්සෙ සවුරෝන් පරාද කරන එක එයාගේ රාජකාරියක් විදිහට ගැලැඩ්රියල් බාරගන්නවා.එතනින් කතාව පටං ගන්නවා උනත්,මෙතන තවත් චරිත ගොඩක් වටා කතාව ගෙතෙනවා.සවුරෝන්ගේ නායකයා උන මොර්ගොත්ගෙ පරාජයෙන් පස්සෙ ඕර්ක්ස්ලාගේ නායකයා අඩාර් බවට පත් වෙනවා.අඩාර් මෝර්ඩෝර් ආක්රමණය කරලා තමන්ගේ යටතට අරගන්නවා.මේ අතරේ සවුරෝන් පොඩ්ඩ පොඩ්ඩ තමන්ගේ සැලසුම් සාර්තක කරගෙන පළවෙනි මුදු තුන එල්ෆ්ලාගේ දක්ෂම නිමැවුම්කරුවා වෙන කැලබ්රිම්බොර් ලවා නිර්මාණය කරනවා.ගැලැඩ්රියල් වගේම හැමෝම රවට්ටලා සවුරෝන්ට තමන්ගේ සැලසුම් කරගන්න පුළුවන් උනත් ගැලැඩ්රියල්ට අන්තිමේදි සවුරෝන් කවුද කියන එක අහු වෙනවා.කතාවේ හැටියට සවුරෝන්ට ඩ්වෝර්ව්ස්ලට මුදු හතක් වගේම,මිනිස්සුන්ට මුදු නවයක් හදන්න තියෙනවා.ඒ වගේම මේ ඔක්කොම පාලනය කරන බල මුදුවත් හදන්න තියෙනවා.සවුරෝන්ට් මේ මුදු කොහොමද හදන්නෙ.මොකටද හදන්නෙ කියන එක අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.එහෙනං අපේ පුංචි කාලේ සුන්දර කරපු ඒ මහා ෆැන්ටසියට ආපහු අපිත් එක්ක යන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “නිපුණ රමේෂ්”