The King Eternal Monarch 2020 TV Series 1×15 Sinhala Subtitles
The King Eternal Monarch 1×15 Sinhala Sub
The King Eternal Monarch 1×15 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×15 Sinhala Sub
අවසාන තීරණය ගැනීමට දැන් ලී ගොන් රජු කාලය හරහා අතීතයේ සිට 2020ට එන ගමන් ඉන්නේ. ටේ-වුල් ඔහු එයි කියන විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. කොහොමහරි ඔහු වර්තමානයට එනවා. නැවතත් ටේ-වුල් හා එකතු වෙනවා, එහෙත් ඒ වෙද්දී ඇය ඉන්නේ රෝහල්ගතව. ඉන්පසුව ලී ජි-හුගේ මව ලී ගොන්ට මුණගැසෙනවා, එහෙත් ඇය පවසනවා ඇගේ දරුවා එනම් ජි-හු මැරුනේ ලී ගොන් නිසා බව.
ලී ගොන් අතීතයට ගිහින් ඔහුව බේරාගත්තා ලී ලිම්ගෙන්, එහෙත් ඔහු වටා ඉන්න අනෙක් අය කොරියානු ජනරජයේ ඉන්න ඔහුගේම ද්විත්වකාය මොවුන් බේරාගැනීමට ඔහුට හැකි වෙන්නේ නැහැ, මොකද ඔහුට ලී ලිම් කොරියානු ජනරජයට පැනයන එක වලක්වා ගන්න නොහැකිවෙන නිසා.එනිසා ඔහු තීරණයක් ගන්නවා, නැවතත් කාලය හරහා අතීතයට යන්නට, ඒ යන්න හදන්නේ අතීතයේ සිදු වුන සෑම වැරද්දක්ම නිවැරදි කරන්න. ඒ විදිහට අතීතය වෙනස් කරනවා කියන්නේ මේ දැන් තිබෙන වර්තමානය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක. ටේ-වුල් හා ලී ගොන් අතර ඇතිවුන සම්බන්දයත් නැතිවී යනවා කියන එක. ටේ-වුල් මේ තීරණයට එකඟ වෙන්නේ නැහැ. නමුත් ලී ගොන් රජුගේ අතේ තමයි සෑම කෙනෙක්ගෙම ඉරණම රඳා පවතින්නේ. ඔහුට ඉරණම වෙනස්කල හැකිවේද?
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”